නාගරීකරණය සහ අපරාධ අතර පවත්නා සබ`දතාව පිළිබ`ද සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්
Loading...
Date
Journal Title
Journal ISSN
Volume Title
Publisher
South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka.
Abstract
සමාජ විද්‍යාත්මකව නාගරීකරණ ක‍්‍රියාවලිය කාර්මීකරණය, නවීකරණය සහ තාර්කීකරණ ක‍්‍රියාවලිය සම`ග
සමීපව බැදී එන්නකි. නාගරීකරණය හේතු කොට ගෙන සමාජය තුළ විවිධ අවස්ථාවන් පුද්ලයන්ට හිමි වේ.
එනම් රැුකියා, උසස් අධ්‍යාපන, නිවාස වඩා පහසු ගමනාගමන සහ රාජ්‍ය පරිපාලනමය කටයුතු පහසු කර
ගැනීමද මෙ තුළින් සිදු වේ. නගර ආශ‍්‍රිත වැසියන්ට මෙම ආර්ථික තත්ත්වයන් ළගා කර ගැනීමට නොහැකි වීම
මත ඇතිවන සමාජීය ගැටලූ බොහෝ ලෙස වාර්තා වේ. බොහෝ ආනුබවික අධ්‍යයනයන් මගින් වාර්තා වී ඇති
පරිදි නාගරික ප‍්‍රදේශවල අපරාධ සිදුුවීමේ ප‍්‍රනතාව ඉතා ඉහළ මට්ටමක පවතින ආකාරයක් පෙනේ.
නාගරීකරණය සහ අපරාධ අතර සබ`දතාවක් පවතින්නේද යන්න අධ්‍යයනය කිරීම පර්යේෂණයේ අධ්‍යයන
ගැටලුව විය. නාගරීකරණය සහ අපරාධ අතර පවත්නා සබ`දතාව හ`දුනාගනිමින් ඒවා වැළැක්වීමට ගත හැකි
ක‍්‍රියාමාර්ග යෝජනා කිරීම මෙම පර්යේෂණයේ ප‍්‍රධාන අරමුණ විය. නාගරික සමාජයේ සිදුවන අපරාධයන්ට
ප‍්‍රධානතම හේතුව ලෙස ප‍්‍රජාවගෙන් ලැබුණු පිළිතුරු වූයේ මත්ද්‍ර්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව අධික වීමයි.
සිය අවශ්‍යතාවන් සපුරා ගැනීමට සහ අනන්‍යතාවය ස`ගවා කටයුතු කළ හැකි පරිසරයක් නාගරිකබව තුළ තිබීම
මත අපරාධ කෙරෙහි යොමුව මුදල් පසුම්බි සොරකම, මත්ද්‍රව්‍ය භාවිතය, ගණිකා වෘත්තිය, මිනීමැරීම්,
මංකොල්ලකෑම් සහ ස්ත‍්‍රී ¥ෂණ ආදී අපරාධ සිද්ධීන් ඒ අතර ප‍්‍රධාන වී ඇත. පටු මංමාවත්, ගරා වැටුණු
ගොඩනැගිළි තුළ සහ අපරාධ කිරීම ස`දහා නිර්මාණය කරගත් ඇතැම් ස්ථාන :්‍යදඑිචදඑ* මූලික කරගෙන
අපරාධයන් බහුලව සිදුවන බව නිරීක්ෂණය විය. නගරාශ‍්‍රිතව අපරාධ පාලනය කිරීමෙහිලා නගර සැලසුම්කරණ
කි‍්‍රයාවලිය නිසි පරිදි සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ලෝකයේ බොහෝ රටවල් වර්තමානයේ පාරිසරික සැලසුම්
ම`ගින් අපරාධ වැළැක්වීමේ ක‍්‍රමය :ක්‍ඡුඔෑෘ* යොදා ගනිමින් නාගරික අපරාධ වැළැක්වීම පිළිබ`ද අවධානය
යොමු කිරීම කාලෝචිතය.
Description
Keywords
Citation
8th International Symposium 2018 on “Innovative Multidisciplinary Research for Green Development”. 17th - 18th December, 2018. South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka. pp. 704-713.
