ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලයේ සමාජ සංස්කෘතික කාර්ය භාෂාව පිළිබඳ මානව වාග් විද්‍යාත්මක අධ්‍යයනයක්

dc.contributor.authorරාජනායක, ආර්.එම්.ඩබ්.ජී.පී.
dc.date.accessioned2018-10-22T09:15:00Z
dc.date.available2018-10-22T09:15:00Z
dc.date.issued2018-06-26
dc.description.abstractශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලය (SLPC) වනාහී ශ්‍රී ලංකාව තුළ මඩකලපුව ප්‍රධාන කොට ගෙන ත්‍රිකුණාමලය හා අම්පාර යන දිස්ත්‍රික්කවලද හඳුනාගත හැකි දේශජ ක්‍රියෝල විශේෂයකි. ආගන්තුක ප්‍රතිපක‍ෂ භාෂකයින් දෙදෙනෙකු අතර බිහිවන පොදු කාර්ය භාෂාව ලෙස පිජිනය (Pidgin) නිර්මාණය වී එම පිජිනය පාරම්පරිකව කිසියම් භාෂක සමාජයක මවු භාෂාව වීම හේතුවෙන් නිර්මාණය වන ක්‍රියෝලය (Creole) අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් කොට සැළකිය හැකි ය. මෙහි දී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ මඩකලපුව දිස්ත්‍රික්කය ප්‍රධාන කොට ලබා ගත් දත්ත මත හඳුනාගත හැකි වූයේ ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලය මේ වන විට දමිළ භාෂාව වෙත විතැන් වීමක් පෙන්නුම් කරන බව යි. ඒ අනුව පෘතුගීසි ක්‍රියෝල භාෂකයින් තුළ දෙවන උපාර්ජිත මවු භාෂාව ලෙස දමිළ භාෂාවේ ඉස්මතු වීමක් විශේෂයෙන් පෘතුගීසි ක්‍රියෝලය ඉක්මවා යාමක් නූතනයේ අද වන විට දක්නට ලැබේ. ඒ අනුව ක්‍රියෝලහරණ අවධානමක් පෙන්වන අතර මේ නිසා මෙම ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝල භාෂකයින් පිළිබඳව අධ්‍යයනය නූතනයේ ඉතාම වැදගත් පර්යේෂණයක් ලෙස හඳුනාගත හැකි ය. ඒ අනුව ඔවුන්ගේ ගෘහස්ථ භාෂාව ලෙස පෘතුගීසී කි්‍රයෝලය භාවිතා කරන අතර එය ඔවුන්ගේ සමාජ සංස්කෘතික කාර්යයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙහි දී අධ්‍යයනය කර ඇත. ඒ අනුව හඳුනාගත හැකි වූ ප්‍රධානතම සාධකය වන්නේ ඔවුන්ගේ ගෘහස්ථ භාෂාව වර්තමානයේ අදටත් පෘතුගීසි ක්‍රියෝලයම වන බව යි. විශේෂයෙන් ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලයේ මානව විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව මේ දක්වා පූර්ණ වශයෙන් කිසිදු අධ්‍යයනයක් සිදු නොවී ඇති හෙයින් මෙය ශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලයේ මානව විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව කළ ප්‍රථම අධ්‍යයනය වනවා සේම වාග් විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව සිදු කළ නූතනම පර්යේෂණ අධ්‍යයනය වේ.en_US
dc.identifier.citation6th South Eastern University Arts Research Session 2017 on "New Horizons towards Human Development ". 26th June 2018. South Eastern University of Sri Lanka, Oluvil, Sri Lanka. pp.225-234en_US
dc.identifier.issn2651 - 0219
dc.identifier.urihttp://ir.lib.seu.ac.lk/handle/123456789/3241
dc.language.isootheren_US
dc.publisherFaculty of Arts and Culture, South Eastern University of Sri Lanka.en_US
dc.subjectශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලයen_US
dc.subjectදේශජ ක්‍රියෝලen_US
dc.subjectවිතැන් වීමen_US
dc.subjectදෙවන උපාර්ජිත මවු භාෂාවen_US
dc.subjectක්‍රියෝලහරණයen_US
dc.subjectපොදු කාර්ය භාෂාවen_US
dc.subjectපිජිනයen_US
dc.titleශ්‍රී ලංකා පෘතුගීසි ක්‍රියෝලයේ සමාජ සංස්කෘතික කාර්ය භාෂාව පිළිබඳ මානව වාග් විද්‍යාත්මක අධ්‍යයනයක්en_US
dc.typeArticleen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Proceedings of Articles - Page 225-234.pdf
Size:
353.22 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections