A linguistics study of the Vedda’s language’s basic language features

Loading...
Thumbnail Image

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Islamic Studies and Arabic Language, South Eastern University of Sri Lanka

Abstract

වැදි භාෂාව නූතනයේ දී මාතෘ භාෂාවල දැඩි බලපෑමට ලක්වුවත් එහි ස්වාධීනත්වය හඳුනාගත හැකි අවස්ථාවක් ලෙස වැදි භාෂාවෙහි මූල භාෂාත්මක ලක්ෂණ දැක්විය හැකි ය. බොහෝවිට වැදි භාෂාවෙහි ප‍්‍රභවය සම්බන්ධයෙන් ජර්මන් ජාතික රුඩොල්ප් විර්චෝ, සෙලිස්මාන් යුවල හා නන්දදේව විජේසේකර, ඊxඇම්. රත්නපාල, දයානන්ද බිනරගම වැනි විද්වතුන් අතින් පර්යේෂණයන් සිදු වී ඇත. එහෙත් එම අදහස් එකිනෙකට පරස්පර වන අතර වැදි භාෂාවෙහි මූල භාෂාත්මක ලක්ෂණ කෙසේ ද, එහි භාවිතය කෙබඳු ද, රූපයක් ලෙස වැදි භාෂාවටම ආවේණිකව පවතින්නේ කෙසේ ද, රූප විකාශය කෙසේ සිදු වී ද යන්න පිළිබඳ විධිමත් පර්යේෂණයක් සිදු වී නොමැත. එබැවින් කලක් විවිධ අධ්‍යයනයන්ට හේතු වූ වැදි භාෂාව පැවැති සහ පවතින ස්වභාවය පිළිබඳ අධ්‍යයනයක අවශ්‍යතාවය මතු විය. මේ සඳහා ප‍්‍රාථමික මූලාශ‍්‍ර ලෙස ක්ෂේත‍්‍ර අධ්‍යයනය, (දිඹුලාගල, දළුකාන*, සම්මුඛ සාකච්ඡුා දැක්විය හැකි අතර ද්විතීයික මූලාශ‍්‍ර වශයෙන් පුස්තකාල පරිහරණය හා ග‍්‍රන්ථ පරිශීලන අධ්‍යයනය පෙන්වා දිය හැකි ය. වාර ස`ගරා, පුවත්පත්, අන්තර්ජාලය, හා දේශන සටහන් තෘතීයික මූලාශ‍්‍ර වේ. වැදි භාෂාව 19 වන සියවසේ දෙවන භාගයේ දී ලෝකයාගේ විශේෂ අවධානයට යොමු වූ අතර එය ස්වාභාවික පරිණාමයේ ඵලයක් ලෙස පවතින අදටත් ස්වාධීනව පවත්නා භාෂාවකි. විශේෂයෙන් වැදි භාෂාවේ මූල භාෂාත්මක ලක්ෂණ නිර්මාණය සඳහා දේශජ භාෂා වල දායකත්වය ඉතා ප‍්‍රභලව ලැබී ඇත. එමෙන්ම අවිඥානිකව සිදු වී ඇති වෙනස්කම් හා හිතාමතා කරන ලද වෙනස්කම් වැදි වහරට එක් වී ඇති බව ද පෙනේ.

Description

Citation

5th International Symposium. 29 November 2018. Faculty of Islamic Studies and Arabic Language, South Eastern University of Sri Lanka, Oluvil, Sri Lanka, pp. 366-372.

Endorsement

Review

Supplemented By

Referenced By