වැඩිහිටි නිවාසයන්හි රැකවරණය ලබන වැඩිහිටියන්ගේ ආර්ථික පසුබිම පිළිබද සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්

dc.contributor.authorEdirisinghe, S. M.
dc.contributor.authorSamarakoon, M. T.
dc.contributor.authorWijewardhana, B. V. N.
dc.date.accessioned2019-07-03T04:40:32Z
dc.date.available2019-07-03T04:40:32Z
dc.date.issued2018
dc.description.abstractප‍්‍රජා විද්‍යාත්මක වශයෙන් වැඩිහිටි ජනගහනය වර්ධනය වීම නිසා, වයස්ගත වීමත් සම`ග වැඩිහිටි නිවාසවල රැුකවරණය ස`දහා යොමු වීමේ ප‍්‍රවනතාවයක් දැකගත හැකිය. මෙහිදී වයස්ගතවූවන් වැඩිහිටි නිවාසයන්හි රැුකවරණයට යොමු වීම ස`දහා විවිධ සාධක බලපාන බව පෙනෙයි. දෙමාපියන්ගේ රැුකවරණය යටතේ සිටි අවිවාහකයින්, දෙමාපියන්ගේ මියයාමත් සම`ග සිය ජීවිත අස්ථාවරත්වයට පත්වීම, වැන්දඹුවන් සිය සැමියා හෝ බිරි`ද මියයාමත් සම`ග සමාජීය වශයෙන් හුදකලාභාවයට පත්වීම, දරුවන් නොමැති වීම, සිය දරුවන්ගේ ආර්ථික ශක්තිය දුර්වල වීම හරහා දරුවන් නො සළකා හැරීම සහ කුටුම්භයන්හි සිදුවන විවිධ ආරවුල් මත සහ තනිවම ජීවත් වීමට තරම් ආර්ථික සුරක්ෂිතතාවයක් නොමැති වීම යන සාධක ප‍්‍රබල වශයෙන් මෙම සමාජ ප‍්‍රශ්නය තීව‍්‍ර වීමට හේතු වී ඇත. එනමුත් මෙම සාධක අතුරින් ආර්ථික සුරක්ෂිතභාවයක් නොමැතිකම ප‍්‍රධාන ගැටලූවක් බවට පත් වී ඇත. මෙම අධ්‍යයනයේ දී ප‍්‍රධාන අරමුණ වශයෙන් වැඩිහිටි නිවාසගතවීම කෙරෙහි ඔවුන්ගේ ආර්ථික පසුබිම බලපාන ආකාරය විමර්ෂණය කරන ලදී. තවද මෙහි උප අරමුණු වන්නේ වැඩිහිටි නිවාසගතවන්නන්ගේ රැුකියාවේ ස්වභාවය, ආදායම් සහ වත්කම් පිළිබ`ද අධ්‍යයනය කිරීම, ඔවුන් මුහුණ දෙන ආර්ථික ගැටලූ සොයාබලා ඒවා අවම කර ගැනීමට ගතහැකි ක‍්‍රියාමාර්ග යෝජනා කිරීම මෙන්ම වයස්ගතවූවන්ගේ රැුකවරණය උදෙසා පු`ඵල් වූ ජාතික වැඩපිළිවෙලක් ස`දහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම ය. මෙහිදී අධ්‍යයන ක්ෂේත‍්‍රය වශයෙන් බස්නාහිර පළාතේ පිහිටි තෝරාගත් වැඩිහිටි නිවාස තුනක් තෝරා ගැනීමේ දී රාජ්‍යය, පෞද්ගලික මෙන්ම ආගමික වශයෙන් මීරිගම සෙත්සෙවන රජයේ වැඩිහිටි නිවාසය, සහන උයද වැඩිහිටි විවේකාශ‍්‍රය සහ සුජාතා වැඩිහිටි නිවාසය යොදා ගන්නා ලදී. මෙම පර්යේෂණයේ දී දත්ත ලබා ගැනීම ස`දහා උපයෝගී කොටගනු ලැබූ පර්යේෂණ ක‍්‍රමවේදය වන්නේ සම්භාවිතා නිය`දි ක‍්‍රමයට අයත් උප නිය`දි ක‍්‍රමයක් වන ස්ථර නිය`දි ක‍්‍රමය යොදා ගනිමින් සමස්ථ සංගහනයෙන් අහඹු ලෙස තෝරාගත් වැඩිහිටියන් 66ක් නිය`දිය වශයෙන් සියලූ දෙනා නියෝජනය වන පරිදි යොදා ගන්නා ලදී. තවද සම්මුඛ සාකච්ඡුා, නිරීක්ෂණය මෙන්ම ප‍්‍රශ්නාවලී යන ක‍්‍රමවේද මගින් ප‍්‍රමාණාත්මක දත්ත මෙන්ම ගුණාත්මක තොරතුරු එක්රැුස් කරන ලදී. පර්යේෂණ දත්ත විශ්ලේෂණයේ දී බහුතරය දේපල හා වත්කම් අහිමි වූ පිරිස් ය. එය ප‍්‍රතිශතයක් වශයෙන් 63.6%ක් වේ. මෙම වැඩිහිටි ප‍්‍රජාව අතුරෙන් දෙමාපියන්ගේ වත්කම් හා දේපළ හිමිව තිබු අය 6.1%ක් පමණ වේ. ඉඩම් හිමිවුවන් 16.7%ක් පමණ වේ එමෙන්ම වෙනත් වත්කම් හිමි අය 13.6%ක් වශයෙන් හඳුනාගත හැකිය. මෙම විවිධ සමාජීය සාධක අතුරින් වයස්ගතභාවයට පත්වීම හරහා වැඩිහිටි නිවාස කරා යොමු වීමට ප‍්‍රධාන වශයෙන් ඔවුනගේ ආර්ථික අස්ථාවරත්වය බලපා ඇත. එහිදී ආදායම්, වත්කම් මෙන්ම දේපල අහිමි වීම හරහා උත්පන්න වී ඇති ආර්ථික සුරක්ෂිතතාවයෙන් තොර වීම මෙම ගැටලූව උග‍්‍ර වීමට හේතු වී ඇත.en_US
dc.identifier.citation8th International Symposium 2018 on “Innovative Multidisciplinary Research for Green Development”. 17th - 18th December, 2018. South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka. pp. 694-703.en_US
dc.identifier.isbn978-955-627-141-6
dc.identifier.urihttp://ir.lib.seu.ac.lk/handle/123456789/3621
dc.language.isootheren_US
dc.publisherSouth Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka.en_US
dc.subjectආර්ථිකයen_US
dc.subjectදේපලen_US
dc.subjectවත්කම්en_US
dc.subjectවැඩිහිටි නිවාසen_US
dc.subjectසුරක්ෂිතභාවයen_US
dc.titleවැඩිහිටි නිවාසයන්හි රැකවරණය ලබන වැඩිහිටියන්ගේ ආර්ථික පසුබිම පිළිබද සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්en_US
dc.typeArticleen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Full papers 3 - Page 28-37.pdf
Size:
329.42 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: